එංගලන්තයට ලකුණු 211ක ජයක්

Share

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 211 ක ජයක් ලබාගැනීමට එංගලන්තය සමත්විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 250ක් පමණි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 342 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 203 යි.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 322 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබීය.

ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා වන රංගන හේරත් සහභාගී වූ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය මෙය වෙයි.

Read more

Local News