වාසු ලිපියක් ලියමින් කථානායක දුහුනෙකු බව කියයි

Share

ශ්‍රී ලංකා රජය, ජනපතිවරයා සහ අගමැතිවරයා පිළිබද කරුණු සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු සැසිවාරය කල් දමා තිබියදීත් කථානායකවරයා විසින් විදෙස් තානාපතිවරුන්ට තම පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණීමට ඉඩ ලබාදිම කිසිසේත් අගය කළ නොහැකි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කර තිබේ.

අමාත්‍යවරයා ඒ බව සදහන් කර කථානායක කරූ ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කොට අැත.

අමාත්‍යවරයා එම ලිපියේ වැඩ්දුරටත් සදහන් කර අැත්තේ කථානායක පුටුව සදහා කරූ ජයසුරිය මහතා නවකයෙකු බව හැගෙන බවත්, මේ බව ඇසීමෙන් තමන් පුදුමයට පත්වූ බවයි.

එසේම මෙම ලිපියේ පිටපත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාට යොමු කර අැති අතර එම ලිපියේ වැඩ්දුරටත් සදහන් වන්නේ ‘‘මම දශක පහකට ආසන්න කාලයක් දේශපාලනයේ සිටි බවත්, ඒ අනුව හොඳ හැටි පදම් වූ දේශපාලනඥයකු බවත් ඔබ දන්නවා. ඒ අනුව බලන විට කතානායක පුටුවට ඔබ නවකයෙක්. මා මේ ලිපිය ලියන්නේ එම කරුණු සිහි තබාගෙනයි.

ශ්‍රී ලංකා රජය, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදෙස් තානාපතිවරුන්ට පාර්ලිමේන්තුවේ ඔබේ කාර්යාලයට පැමිණීමට ඉඩ දුන් බව ඇසීමෙන් මා පුදුමයට පත්වුණා. විශේෂයෙන්ම ඔවුන් අතර ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා සිටියා. ඔබ හමු වූ බොහෝ දෙනා බටහිර රටවල තානාපතිවරුන්. එම රටවල් 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී එවකට පැවැති පාලනය පරාජයට පත් කිරීමට සක්‍රීයව දායකත්වය දුන් බව කවුරුත් දන්නා රහසක්.

එම රටවල සිටින අපගේ තානාපතිවරුන්ට මේ අයුරින් ඔවුන්ගේ රටවල හෝ ඔවුන්ගේ පාර්ලිමේන්තුවල කටයුතුවලට මැදිහත් වන්නට ඉඩ දෙනවාද ?

පසුගිය කාලයේදී තමන්ගේ මැතිවරණවලට හා අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූ බව සඳහන් කරමින් ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය වෙනත් රටවලට චෝදනා කළා. ඔවුන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වුණා. එවැනි තත්ත්වයකදී ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකා තානාපතිවරිය, බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් අපේ රටේ කටයුතු සම්බන්ධයෙන් හැසිරුණු ආකාරය සහ ඔබ ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත ඉවසා සිටීම සහ ඊට ඉඩ ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. එය කිසිසේත් අගය කළ නොහැකි ක්‍රියාවක්.’’ වන බවයි.

Read more

Local News