එකට බැඳිලා වෙන් වෙන්න යන සහෝදරියන්

Share

එකිනෙකා බද්ධ වී සිටින නිවුන් දැරියන් දෙදෙනෙකුගේ ශරීර වෙන් කිරිමේ ශල්‍යකර්මයකට ඔස්ට්‍රේලියානු වෛද්‍ය කණ්ඩායමක් සූදානම් වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මාස 15ක් වයසැති භුතාන ජාතික එම දැරියන් දෙදෙනා අක්මාව ඇතුළු ඉන්ද්‍රියන් කිහිපයකින් එකිනෙකා බද්ධ වී සිටින බව වෛද්‍යවරුන් පවසා සිටියි.

ඔවුන් වෙන් කිරීමේ ශල්‍යකර්මය පසුගිය මාසයේ සිදු කිරීමට නියමිතව තිබුණත් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා එය කල් දමා ඇත.

නමුත් මේ වන විට එම දැරියන් මෙල්බෝන් නුවර රාජකීය ළමා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් ශල්‍යකර්මයට සහභාගී වීමට නියමිතය.

ඒ සඳහා පැය 06ක කාලයක් ගත වනු ඇති අතර 2009  වසරේදී ද මෙම රෝහලේදී පැය 32ක ශල්‍යකර්මයකින් පසු බද්ධ දරුවන් දෙදෙනෙකු වෙන් කිරිමේ සාර්ථක ශල්‍යකර්මක් සිදු කර තිබුණි.

උපත් ලක්ෂ දෙකකට පමණ මෙවැනි බද්ධ දරු උපතක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලබයි.

 

Read more

Local News