වැසි තත්ත්වය තවදුරටත්

Share

ඉදිරි දින කිහිපයේදීත් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් (විශේෂයෙන් මධ්‍යමකඳුකර ප්‍රදේශවල) තවදුරටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කරයි.සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක් තද සුළං ද අපේක්ෂා කළ හැකි බවත්, සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි  ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

Read more

Local News