කොළඹට අද ජලය නැති ප්‍රදේශ මෙන්න

Share

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අද පස්වරු 4.00 දක්වා අත්හිටුවා තිබේ.

ඒ අනුව දෙහිවල – ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශය, රත්මලාන, සොයිසාපුර, කොළඹ 6, මුල්ලේරියාව සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

මීට අමතරව කොළඹ 4 සහ 5 යන ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News