ජනතාව පක්ෂය තුළ වෙනසක් ඉල්ලනවා

Share

නව නායකත්වයක් සම්බන්ධයෙන්ද අදහස් පළවී ඇති බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

අද (11) අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය පුළුල් පෙරමුණකින් තරඟ වැදීමට සාකච්ඡා කර ඇති බවයි.

2015 ජනවරමට පයින් ගැසූ ආකාරය දුටු බවත් ඒ හේතුව නිසා මෙයට කිසිදු ප්‍රකාශයක් නොකර සිටිය යුතු නොවන බවත් පැවැසීය.

මෙහිදී පවතින විකල්ප දෙකක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මෙම ගැටළු අධිකරණයෙන් විසඳා ගැනීම හෝ මැතිවරණයට මුහුණ දිය යුතු බවත් ප්‍රකාශ කළේය.

නව නායකයින් පැමිණිය යුතු බව ජනතාව විශ්වාස කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු 24ක් නායකයෙක් වී සිටි බවත් පැවසූ ඔහු සඳහන් කළේ ජනතාව වෙනසක් ඉල්ලන බවත්ය.

එක්සත් ජාතික පක්ෂ නායක ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වනවා නම් සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුතු බව පාක්ෂිකයෝ පවසන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වමින් ප්‍රකාශ කළේය.

Read more

Local News