එජාපය අර්බුදයක බව රෝහිත අබේගුණවර්ධන කියයි

54

ඉදිරියේදි පැවැත්විමට නියම්ත පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරග කරන සන්ධානය තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව හිටපු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

අබේගුණවර්ධන මහතා වැඩ්දුරටත් පැවසුවේ පොදුජන පෙරමුණත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් එක්ව මැතිවරණයට යන බවත්, මේ වන විට එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට පත්ව ඇති බවත්ය

එසේම තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු එම පක්ෂය ඉදිරියට ගෙනයාමටද කටයුතු කරන බවත්, හෙට දවස වන විට සාකච්ඡා අවසන් වන බවත් ඔවුන් එක්ව සන්ධානයක් ලෙස තරග කරන බවත් එ් මහතා පැවසිය.

.