ජනපති හදිසි නිරික්ෂණ චාරිකාවක නිරතවෙයි

Share

අද (12) මහවැලි අධිකාරියේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා අනතුරුව එම ශ්‍රවණාගාරයේ දී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග හමුවකට එක්විය.

එ් කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක්‍රමය වන මොරගහකන්ද, කළු ගඟ වාරි ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු පිළිබඳ නිරික්ෂණය කිරිමටය.

එහිදි ජනපතිවරයා ලග්ගල නව නගරයේ සංවර්ධන ක්‍රියාදාමයන්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිසරික කාර්මික උද්‍යානය, සුවිශේෂ පරිසර කලාප ව්‍යාපෘතිය සහ වගා ව්‍යාපෘතින්හි  ප්‍රගතිය පිළිබඳව ද මෙහි දී ජනාධිපතිවරයා නිලධාරින්ගෙන් කරුණු විමසා තිබේ.

එමෙන්ම මෙහිදි මහවැලි කලාපවල ඉඩම් නිදහස් කිරීමේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අතර, කඩිනමින් එම කටයුතු අවසන් කිරීමේ අවශ්‍යතාව නිලධාරින්ට පෙන්වා දී ඇත.

ඉන් අනතුරුව කොළඹ, ගාලූ පාරේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කරනු ලැබු අතර එ් සදහා සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ කටයුතු කඩිනමින් ඉටුකර දෙමින් ප්‍රශස්ත මහජන සේවාවක් සැපයීමේ වැදගත්කම ජනාධිපතිවරයා එහි දී නිලධාරින්ට පැවසීය.

ඉන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ පිළිගැනීමේ කවුන්ටරය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරික්ෂණය කළ අතර, ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන අමුත්තන් රැදී සිටින ස්ථානයේ පහසුකම් ද නිරීක්ෂණය කරනු ලැබිය.

Read more

Local News