ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි පාෙලිස් රැකවල්

Share

ශ්‍රේෂ්ඨාධිකරණය අවට අද (13) දිනයේ විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යොදවා තිබේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 200ක් සහ කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම් අද දිනයේ යළි විභාගයට ගැනීමට නියමිතයි.

මේ අතර මෙම පෙත්සම් සම්බන්ධයෙන් රජය වෙනුවෙන් නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතව තිබේ.

Read more

Local News