ක්‍රිකට් නිලවරණයට ත්‍රිපුද්ගල කමිටුවක්

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා තුන් දෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක් කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් ඊයේ (12) පත් කළේය.

හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න සහ අධ්‍යාපන අමාතාංශයේ හිටපු ලේකම්වරයෙකු වන සුනිල් සිරිසේන මෙම නිලවරණ කමිටුවට ඇතුළත් වෙයි.

මේ අතර කි‍්‍රකට් නිලවරණය පැවැත්වෙන තෙක් කි‍්‍රඩා අමාත්‍යවරයා විසින් කි‍්‍රකට් ආයතනය සඳහා උපදේශන කමිටුවක්, තරඟ කමිටුවක් සහ විනිසුරු කමිටුවක් පත්කර තිබෙන බවට වාර්තා වෙයි.

Read more

Local News