ජනපති තීරණය ගැන තානාපතිවරු දැනුවත් කරයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණයට හේතුවූ කරුණු පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් විසින් රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙත කරුණු පැහැදිලි කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබු පියවර සම්පූර්ණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව සරත් අමුණුගම මහතා එහිදි රාජතාන්ත්‍රිකයින් දැනුවත් කර තිබේ.

අමාත්‍යවරයා වැඩ්දුරටත් පෙන්වා දි අැත්තේ රජයක් පවත්වාගෙන යාමේ දී ඇති වන මතභේදයකදී ස්වාධීපත්‍යයෙන් යුත් මහජනතාවගෙන් වරමක් සෙවීම ප්‍රජාතන්ත්‍රවාදයෙහි ජයග්‍රහණය සහතික කිරීමක් බවයි.

රටේ අභ්‍යන්තර කරුණු විසදීම සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සතු ශක්තිය කෙරෙහි එම සාකච්ඡාවට සහභාගී වූ රාජතාන්ත්‍රකයින් රැසක්ම විශ්වාසය පල කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News