සුළු ජාතීන්ගේ විශ්වාසය අැත්තේ මෙෙත්‍රීට පමණක් බව අංගජන් කියයි

Share

සුළු ජාතින්ගේ විශ්වාසය දිනු එකම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා අද (13) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කිසිදු ආකාරයකින් ව්‍යවස්ථා විරෝධී නොවන බව ද ඔහු පවසයි.

උතුරු නැගෙනහිර සුළු ජාතින්ද තම පාර්ශවයට පක්ෂපාතිව ඉදිරියෙදි කටයුතු කරණු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අනෙකුත් දෙමළ ජාතික දේශපාලන පක්ෂ මෙන් හැඟුම්බරව තීන්දු තීරණවලට ඔවුන් නොඑළඹෙනු ඇතැයි විශ්වාස කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර අැත.

Read more

Local News