විධායක ජනාධිපති ගේ අනතුර ගැන බිමල් පහදයි

Share

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීම තුළින් විධායක ජනාධිපතිධූරයේ ඇති අනතුරුදායක තත්ත්වය මනාව පෙනී යන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියයි.

අද(13) ඉහත නඩු විභාගයේ අවසන් තීන්දුව‍ ලබා දීමෙන් අනතුරුව අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මෙම ක්‍රියාවලිය තුළ විධායක බලතල පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් පෙනී යන බැවීන් අනිවාර්යයෙන්ම විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු බව මෙහිදී ඔහු අවධාරණය කළේය.

Read more

Local News