සමූහ මිනීවලේ කැනීම් කටයුතු තාවකාලිකව නවතයි

Share

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් කටයුතු අද(14) සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන අැත.

එ් අනුව නැවත කැනීම් කටයුතු නොවැම්බර් මස 27 වන දින ආරම්භ වන බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ දින අවසන් වන විට මන්නාරම් සමූහ මිනිස් වලේ දින 105 ක් පුරාවට සිදු කරන ලද කැනීම් වලදී මිනිස් සිරුරු ඇටසැකිලි 235ක් හමු වි ඇත.

එම සිරුරු 235න් සම්පූර්ණ සිරුරු කොටස් 229කට අදාළ සිරුරු අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අධිකරණයේ පවතින නඩු කටයුතු වෙනුවෙන් හා කැනීම් කටයුතු සිදු කරන අනෙකුත් නිලධාරීන්ගේ රාජාකාරි කටයුතු වෙනුවෙන් කැනීම් කටයුතු තාවකාලකව නවතා දැමීමට පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News