සුළං සමඟ තද වැසි

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනට ඊශාන දෙසින් පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර එය තවදුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් ඉදිරි දිනවලදී මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සිට වයඹ දෙසට ගමනු කරන බවයි.
මේ හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කරන බවත් පවසයි.

Read more

Local News