අාණ්ඩුවේ තීරණ ව්‍යවස්ථා විරෝධී – ආර්. සම්බන්ධන්

Share

නව අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීම, පාර්ලිමේන්තුව කල් තැබිම සහ විසුරුවාහැරිම යන ක්‍රියාවන් ව්‍යවස්ථා විරෝධී බව තම පක්ෂයේ ප්‍රතිපත්ති අනුව මෙම ක්‍රියාමාර්ගවලට විරුද්ධ විමට පක්ෂය තීරණය කළ බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (14) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පළවෙනි පෙත්සම තම පක්ෂය නියෝජනය කරමින් යොමු කළේ තමන් බවද විපක්ෂ නායකවරයා පැවසීය.

තවද පසුගිය 26 වන දින සිට රටේ අර්බුදකාරි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ජනපතිවරයා 17 වන දින දක්වා පාර්ලිමේන්තුව කල් තබා තිබියදි ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයෙන් ඇතුළු විවිධ පර්ශවයන්ගෙන් ඇති වු පිඩනය නිසා පාර්මේන්තුව 14වනදාට කැදවීමට සිදු වු බවත් ඒ අනුව අද පාර්ලිමේන්තුව රැස් වි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව 122ක් ඡන්දය දුන් බවත්  සමිබන්ධන් මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News