දේශපාලන නායකයින්ගේ වගකීම් ගැන හකීම් කියයි

Share

රට ආරාජික තත්ත්වයකට පත් නොකර සිටිමට දේශපාලන නායකයින් වග බලා ගත යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ආණ්ඩුවක් පවත්වන්නේ කෙසේද යන්න පිලිබඳව තම පාර්ශවය විසින් ඔප්පුකළ බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (14) පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේම හකීම් මහතා වැඩ්දුරටත් පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝග සහ පාර්ලිමේන්තුවේ සිදු වු තත්ත්වයත් සමඟ පැහැදිලි වන්නේ මේ රටේ අර්බුදකාරී තත්ත්වයක් ඇති නොකර ගෞරවාන්විතව ආණ්ඩුව තම පාර්ශවයට ලබා දිය යුතු බව පෙන්නුම් කරනු ඇති බවත්, අද (14) දිනයේදී පාර්ලිමේන්තුවෙදි කිසිදු ආකාරයකින් සභා ගර්භය වෙතට නොයා සන්සුන් ලෙස හැසිරුණ බවයි.

Read more

Local News