Tuesday, March 19, 2024.

කතානායකට කුණු කූඩයකින් ගහලා

Share

පාර්ලිමේන්තුවේ අද ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග සභාවේ රැදී සිටි කිසියම් මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට කසල බඳුනකින් සහ වතුර බෝතලයකින් පහර දී ඇති බව වාර්තාවේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි ප්‍රසන්න රණවීර සහ එක්සත් ජාතික පක්ෂයේ නවින් දිසානායක මන්ත්‍රිවරයා අතර ගුටිබැට හුවමාරුවක්ද සභා ගර්බයේදී සිදුවී ඇත.

කතානායකවරයාගේ මුලාසනය අසලට පැමිණි පක්ෂ හා විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධතාවයට මැදිවූ පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරුන් දෙදෙනා බිම ඇද වැටී තිබේ.

මේ අතර කතානායකවරයාගේ මුලාසනය අසල තිබෙන මයික්‍රෝෆෝනයක් ගලවා දැමීමට උත්සහ කිරීමේදී මන්ත්‍රී දිලුම් අමුණුගමගේ අත තුවාල වී ඔහු රෝහල කරා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වේ.

Read more

Local News