බැසිල්ගේ නඩුව 26 වනදා

Share

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාගය ලබන 26 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත විය.

රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

Read more

Local News