ජනපතිගේ බලතල ගැන රාජිතට ප්‍රශ්නයක්

Share

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති බව පවසමින් තමාට නොමැති බලතලත් ක්‍රියාත්මක කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

“මේ වගේ පාලනයක් ගෙනි යන්න නෙමෙයි අපි ජනපතිවරයා 2015/01/08 බලයට පත්කළේ. තියෙන විධායක බලයත් පාවිච්චි කරන්නේ නෑ කියන මතයයි අපිට තිබුණේ. අද ජනපති ධූරයට නැති බලතලත් පාවිච්චි කරනවා.

ව්‍යවස්ථාවට පිටින් යනවා. අපි අමාත්‍යධුරවලින් එළියට බැහැලා ආවේ හීනෙකින්වත් මේ වගේ තත්ත්වයක් ඇතිවෙයි කියලා හිතුවේ නෑ. අද ඔහු මිනීමරුවන් සමග එකතු වෙලා ගමන යනවා. මේ වගේ ඛේදවාචයක් මම දැකලා නෑ. අපි කෙසේ හෝ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා සටන නිවරදිව ගෙනියනවා”

Read more

Local News