සුපිරිම ස්වාධීන අධිකරණයක් අපිට තිබෙන බව සජිත් කියයි

Share

මේ මොහොත වන විට ලිප්ටන් වට රවුමේ යුක්තියේ ජන හඬ ජයග්‍රහණයේ ජන රැළිය අාරම්භ වි තිබේ.

මිට සුළු මොහොතකට පෙර රැළිය අැමතු සජිත් ප්‍රේ‍මදාස මහතා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා ජීවිතය වුවද කැප කිරීමට සුදානම් බව පැවසුවා.

රැළිය අමතමින් “අද තියෙන ප්‍රශ්ණය මනුෂ්‍යකමත් අමනුෂකමත් අතර ප්‍රශ්ණයක්. අද තියෙන ප්‍රශ්ණය පරිණත පාලනයත්, කැලෑ පාලනයත් අතර ප්‍රශ්ණයක්. මේක ඒකාධිපතිත්වයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ පාරේ ජීවිත පරිත්‍යාග කරන්න ලෑස්තියි. සමහරු හිතගෙන හිටියා මහ ලොකු වෙනසක් සිදුවෙලා නැහැ කියලා.

අපේ ඇස්වලට දැක්කා, කන්වලට ඇහුණා අපේ රටේ තිබෙන්නේ සුපිරිම ස්වාධීන අධිකරණයක්. අපේ ශිර්ෂප්‍රණාමය හද පත්ලෙන්ම කථානායකතුමාට පුද කරනවා. අපි උණ්ඩවලට, බයිනේතුතවට, කාලතුවක්කුවට කඩුවට බෝම්බකරුවන් බය නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදයෙන් දිනන එක දිනනවා. අපි පෙරේදත් දින්නා. ඊයෙත් දින්න අදත් දින්නා.හෙට පුළුවන්නම් ඡන්දයකට එන්න කියලා අභියෝග කරනවා. මේ අයට මර්දනය තර්ජනය ගර්ජනය තමයි පුරුදු. තමුන්නාස්සේලා කියනවානම් පැත්තට යන්නත්, පස්සට යන්නත්, එකතැන ඉන්නත්, ඉදිරියට යන්නත් ලෑස්තියි” සජිත් මහතා වැඩ්දුරටත් පැවසුවා.

Read more

Local News