පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක්

Share

පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසයි.

කිසියම් කළහකාරී තත්වයක් ඇතිවීම වැළැක්වීමේ අදහසින් මෙම පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

ඊයේ සහ පෙරේදා දිනවල ද පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබිණි.

පොලිස් කැරළි මර්දන ඒකකය ද එහි කැඳවා සිටි බව වාර්තා වේ.

කථානායකවරයාගේ ඉල්ලීමක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය ද එහි කැඳවනු ලැබීය.

පාර්ලිමේන්තුව අද දහවල් 01.30ට රැස්වීමට නියමිතය.

Read more

Local News