තෙවරප්පෙරුමට එරෙහිව ප්‍රේමනාත්ගෙන් පැමිණිල්ලක්

Share

පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ප්‍රකාශ කළේ, ඊයේ(15) පොලිස් හදීසි ඇමතුම් අංශය වෙත එම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඡන්දයක් විමසිය යුතු බවට ඉල්ලීමක් ලැබීමෙන් පසු දෙපාර්ශවය අතර නොසනසුන්කාරී තත්ත්වයක් හටගත්තේය.

එම අවස්ථාවේදී පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පිහියක් අතැතිව සිටින දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණි.

Read more

Local News