ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වියරුවෙන් – සජිත් ප්‍ර්‍රේමදාස

Share

අද (16)  පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වියරුවෙන් හැසිරුණු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ පරාජය දැන සිටි පිරිස් මර්දනකාරී ලෙස හැසිරුණු බවත් නිල නොවන නීතියානූකූල නොවන ලෙස පත් වුණ දේශපාලන පක්ෂයක් වශයෙන් සියලු දෙනා අද පාර්ලිමේන්තුව තුළ හැසිරුණ බවයි.

පසුගිය දා සිදුවු අතපසුවීම නිවැරදි කර ගනිමින් අද දිනයේ දී නැවතත් විශ්වාසභංගයක් ගෙන ඒමට සියලු කටයුතු යොදා තිබුණු බවත්, ඒ සියල්ල විනාශ කර දැමු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තවද ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දී ඇති බව දක්නට ලැබු බවත්, ඒ බව එතුමා විසින් ඊයේ (15) දිනයේ දී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය තුළින් දක්නට ලැබුණ බවත් පැවසීය.

Read more

Local News