අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බවයි.

දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක් තද සුළං ද අපේක්ෂා කළ හැකි බවත් බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

දිවයිනේ, උතුරු සහ උතුරු මැද පළාත් වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන අතර සමහර ස්ථානවලට තරමක් තද වැසි ඇතිවිය හැකි බව ද සදහන් වේ.

 

Read more

Local News