බි‍්‍රතාන්‍ය අගමැතිනියටත් විශ්වාසභංගයක්

Share

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට එරට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් පිරිසක් මේවනවිට සැලසුම් සකස් කරමින් තිබෙනවා.

ඇයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක් පිළිබඳ ඉඟ පළ වුණේ මීට මාස 02කට පමණ පෙරයි.

කෙසේවෙතත් මේවනවිට එම විශ්වාසභංගයට පක්ෂව පාලක කන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන්, සෙසු මන්තී‍්‍රවරුන් එක්රැස් කිරීමේ කටයුතු ද කි‍්‍රයාත්මක කරමින් බවයි පැවසෙන්නේ.

අග‍්‍රාමාත්‍ය තෙරේසා මේගේ පක්ෂ නායකත්වය අභියෝග කිරීමට නම් අවම වශයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 48දෙනෙකු විසින් ඇයට එරෙහිව විශ්වාසභංග ලිපි ඉදිරිපත් කළ යුතු වනවා.

බි‍්‍රතාන්‍ය මාධ්‍ය පවසන්නේ කන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 21දෙනෙකු මේවනවිටත් අදාළ ලිපි සකස් කර ඇති බවයි.

එහෙත් නායකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා උත්සහ දරමින් සිටින අග‍්‍රාමාත්‍ය මේ, කන්සර්වේටිව් පක්ෂයේ ප‍්‍රබලයින් කිහිපදෙනෙකුගේ සහය ඉල්ලා ඇතැයි සඳහන්.

එසේම කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධාන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය ධූරවලින් ඉල්ලා අස්වී ඇති බැවින් නව කැබිනට් සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ අර්බුධයකටද අග‍්‍රාමාත්‍ය මේ මුහුණ දි සිටින බවයි වාර්තා වන්නේ.

අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ මෙලෙස රට තුළ දැඩි විවේචනයට ලක්ව සිටින්නේ බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් විම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය නිසයි.

Read more

Local News