ජනපති හා සජිත් ඇතුළු එජාප නියෝජිතයන්ගේ හමුව කල් ගිහින්

පාර්ලිමේන්තු මන්ති‍්‍ර සජිත් පේ‍්‍රමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර අද (17) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් ගොස් ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවේ අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලය වෙත ගොස් ඇති බවයි.

එහෙත්, ජනාධිපතිවරයා කොළඹින් බැහැරව සිටීම හේතුවෙන් එම නියෝජිතයින් ආපසු හැරී ආ බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේය.

බොහෝ දුරට හෙට දිනයේ එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබිණි.