සතුන් දඩයම් කළ පුද්ගලයින් 3 ක් අත්අඩංගුවට

Share

මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළ නීතිවිරෝධීව සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාදුරුඔය – කන්දේගම – අඩවිවන නිලධාරින් අද (17) අලුයම ඝණ කැලෑ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ගිනි අවි දෙකක් ද සොයා ගෙන ඇත.

මීට අමතරව, සැකකරුවන් සන්තකයේ තිබී ඝාතනය කළ සතුන්ගේ මස් තොගයක්, වෙඩි බෙහෙත් , ඊයම් බෝල සහ ජීව උණ්ඩ දෙකක් ද සොයා ගත් බවයි වනජිවි නිලධාරින් සදහන් කළේය.

Read more

Local News