ජනපති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

Share

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද(18) ප.ව 5.00 ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට මෙම තීරණයට එළඹ තිබේ.

ඒ හේතුවෙන් සියලූ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read more

Local News