අද සහ හෙට වැස්සේ වැඩිවීමක්

Share

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී, විශේෂයෙන් අද(18) සහ හෙට(19) දිනයන් හිදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල විටන් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී100ට වැඩි තද වැසි ද ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

Read more

Local News