බහුතර මතයට ඉඩදෙන්නැයි ඉල්ලා විරෝධතාවයක්

ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිලිවෙළට විරෝධය පලකරමින්  එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල විරෝධතාවයක් අද (18) දින දහවල් කිරිදිවැල නගරයේදී පැවැත්විණි.

මේ සදහා  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඇතුලු එජාප පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වුහ.