පාර්ලිමේන්තුවේ සියල්ලට වගකියන්න ඕන කථානායක බව කෙහෙළිය කියයි

Share

වත්මන් පාර්ලිමෙන්තුවේ උද්ගත වි තිබෙන තත්ත්වයට සම්පුර්ණ වගකිව යුත්තේ කථානායක කරූ ජයසුරිය මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (18) දින පූජාපිටිය ෆීල්ඩ් වීව් උත්සව ශාලාවේ පැවැති පූජාපිටිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ පැවැති රැස්වීමකට සහභාගිවෙම්නි.

“අද වන විට අපේ රටේ ජනතාව තුල පොඩි සැකයක් මතු වෙලා තියෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒවගේ මතවාදයක්   ඔබ තුල  තිබෙනවා. එ්කට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ රටේ ජනතාවට  අවිනිශ්චිතයි අපි අවුරුදු හතරක් තිස්සේ ආව ගමන මොන මංසන්ධියෙන් කොයි පැත්තට හැරෙයිද කියලා .නිවරැදි තැනට යයිද නැත්නම් අපට යම් අහේනියක් සිදු  වෙයිද කියලා ජනතාව කල්පනා කරනවා .අපි එක දෙයක් ස්ථරවම කියනවා. මේ රටේ අති බහුතරයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන තිබූ විශ්වාසය අබමල් රේණුවකිනවත් ඒ විශ්වාසය අඩු කර ගන්න එපා. අපි ඒ සටන ජයග්‍රහණය දක්වා මොන බාධක ආවත් අරගෙන යනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කළා. ඒකට විරුද්ධව නොයෙකුත් වැඩසටහන් ගියා. උසාවියට පෙත්සම් 13ක් අරගෙන 13දෙනෙක් ගියා .උසාවියෙන්  නියෝගයක් දුන්නේ මැතිවරණ කොමසාරිස් විසින් මැතිවරණය පැවැත්වීම සහ නව පාර්ලිමේන්තුව ජනවාරි 17 වනදා කැඳවීම අත්හිටවමින් අතුරු නියෝගයක් පමණයි. නමුත් රටේ මතවාදය යන්නේ නඩුව පරාදයි කියලයි.  එජාපය දඟලපු විදිහ කවුරුත් දකින්න ඇති. නඩුව පැරදිලා නෑ.  මේක අතුරු තහනමක් විතරයි. නඩුව අහන්නේ 4, 5, සහ 6 . එතකම් බලය තියෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයටයි.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදු වුණ සියලු දේවල්වලට වග කියන්න ඕන කතානායක වරයායි.

ශීලාචාරයට ගරු කරන පිරිසක් හැටියට ජනතාවට මේ ගැන පොඩි ගැටළුවක් තියෙනවා .මේ බලන්න අපේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග කෙරුවාව. මුදල් ඇමති රවිට විරුද්ධව විශ්වාසභංගය භාර දුන්නේ 2016 මාර්තු 24 වනදා. විවාදයට ගත්තේ 2016 ජූනි. මාස දෙක හමාරකට පස්සේ.සෞඛ්‍ය  ඇමති රාජිතට විරුද්ධ විශ්වාසභංගහ භාර දුන්නේ 2017 අගොස්තු 24 වනදා අද වනකම් විවාදයට අරන් නෑ. විදේශ ඇමති රවීට විරුද්ධ දෙවෙනි විශ්වාසභංගය භාර දුන්නේ 2017 අගොස්තු තුන. රවි ඉල්ලා අස් වුණා. අගමැති රනිල්ට විරුද්ධ විශ්වාසභංගය භාර දුන්නේ 2015 මාර්තු 21 විවාදයට ගත්තේ 2015 අප්‍රේල් සති දෙකකට පසුව.අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව විශ්වාසභංගය භාර දුන්නේ 2018 නොවැම්බර 14 විවාදයක් නැතිව ඡන්දය ගත්තේ 2018  නොවැම්බර් 14 විනාඩි 10 කට පස්සේ.මේක  හරිද සාධාරණද? මේ විදිහට පාර්ලිමේන්තුව දූවිල්ලට දාලා කටයුතු කරන කොට අපට බෑ ශීලාචාරය රකින්න” යැයිද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

 

Read more

Local News