කරු විනිසුරු වුනානම් කැගහන කණ්ඩායමට ජය – ඩලස්

Share

මුලු රටක් බලා සිටියදි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරිමට එරෙහිව පාර්ලිමෙින්තුවේදි විස්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ බවත්, කථානායකවරයා සිය අත්තනෝමතික තීන්දු තීරණ ගත් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

එසේම එක්සත් ජාතික පක්ෂ්‍යට 113ක් නොමැති බවත් රැවටිමක් සිදුකරන බව මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අද මාතර දි පැවති මාධ්‍ය සාකච්ජාවකදිය.

වැඩ්දුරටත් අදහස් දැක්වු ඩලස් අලහප්පෙරුම මහතා ” 2018 නොවැමිබර් 14 වෙනිදා මුලූ රටම බලාගෙන ඉද්දි මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍යවරයාගේ පත්විමට එරෙහිව පාර්ලිමෙින්තුවේදි විස්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරා, ඒ ප.ව 1.48 ට, ස්ථාවර නියෝග අත්හිටවලා අත්තනෝමතික විදියට ඉදිරිපත් කරලා, 1.52 ට එය සම්මත වු බව කථානායකවරයා පවසනවා. එතකොට විනාඩි 4 න් මේ විස්වාසභංගය සම්මත වෙලා තියෙනවා. එතුමා කියනවා ශබ්දය අනුව වැඩි හඩක් ඇහුන නිසා අනුමත කරාලූ. ලෝකයේ වාසනාවට කරු ජයසුරිය මහතා ජාත්‍යන්තර කි‍්‍රකට් විනිසුරු කෙනෙක් වුනේ නැත්තේ ,එහෙම වුනානම් වැඩියෙන් කැගහන කණ්ඩායමට ජයග‍්‍රහණය ලබාදෙයි.ඉතාම ප්‍රාථමික ප‍්‍රකාශ.

ඒ වගේම මේ විස්වාසභංග කෙටුම්පත කාටවත් පෙන්වන්නෙ නැතුව මුල් දිනයේ විජිත හේරත් මන්ත්‍රීතුමා දුවලා ගිහිල්ලා සභා ලේකම්වරයට භාරදුන්නා. මම ජිවිතේට දැකල් නැහැ විජිත හේරත් මන්ත්‍රීතුමා මෙච්චර වේගයෙන් දුවනවා. දුවපු වේගයේ හැටියට මුත‍්‍රසාම්පලයක් පරික්ෂා කරන්න ඕන තහනම් උත්තේජක අරන්වත් මෙහෙම දිවුවද කියලා ,ඒ නිසා කථානායකවරයාගේ කි‍්‍රයාකලාපය පිළිබදව ජනතාව තින්දු තිරණ ගනිවි” යැයි පැවසීය.

Read more

Local News