ධීවරයින් ගොඩ කුණාටුවකට හසුවෙයි

Share

දේශීය ධීවරයින් විශාල ගොඩ කුණාටුවකට හසුවී සිටින බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා පැවසීය.

පවතින දේශපාලන අස්ථාවරයේ  වැඩි බලපෑමක් ධීවර කර්මාන්තයට එල්ල වෙමින් පවතින බවද ඒ මහතා වැඩ්දුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුජිත් සමන්ත මහතා පැවසුවේ මෙරට ලියා පදිංචි බහුදින යාත්‍රා 4650 ක් තිබෙන බවත් ඒ ආශ්‍රීතව ලක්ෂ 03 ක පමණ ජනතාවක් ජීවත් වන බවයි.

බහුදින යාත්‍රාවලට අමතරව සුළු පන්න ධීවරයින් සහ මිරිදිය ධීවරයින්ද මෙරට සිටින මසුන් මැරීම සඳහා මුහුදට යන ධීවරයාගේ සිට නුවරළිය නගරයේ මාළු ලෑල්ලේ මසුන් අලවි කරන්න දක්වා ගත් කළ මිලියන 2.6 ක සංඛ්‍යාවක් ධීවර කර්මාන්තයෙන් ජීවත් වන බවද ඒ මහතා පවසයි.

වර්තමානය වන විට මේ සියළුම ධීවරයින් ගැටළු කීපයකට මුහුණ දී තිබෙන බවත් බැංකු වලින් අයිරා ලබා දීමද මේ වන විට නවතා තිබෙන අතර ලබා ගෙන ඇති ණය මුදල් කඩිනමින් ගෙවා දමන ලෙස මුල්‍ය ආයතන වලින් බලපෑම් එල්ල වන බවද ඔහු පවසයි.

පවතින දේශපාලන අස්ථාවරයට විසදුමක් ලබා දී ධීවරයා මුහුණ දී ඇති ගැටළු වලට පිළිතුරක් ලබා දෙන මෙන්ම එම පිරිස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා තිබේ.

Read more

Local News