කථානායකවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

Share

ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කථානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා, නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම්කර තිබේ.

ඉකුත් 27 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කළ අතර එම තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි රැස් කිරීමට කතානායකවරයා පියවර ගත් බවත් එය ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාවක් බවත් පෙත්සම්කරු කියා සිටියි.

මෙම ක්‍රියාකලාපය තුළින් කථානායකවරයා ඇතුළු වගඋත්තරකරුවන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් සරත් වීරසේකර මහතා අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Read more

Local News