අවස්ථාවක් ලැබෙනවා නම් බහුතරය පෙන්වන්න ලෑස්තියි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) දිනයේදී හෝ වේලාවක් ලබා දෙන්නේ නම් 113 පෙන්වීමට සුදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

මන්ත්‍රීවරුන් 113ක බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම්ව සිටියද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේලාවක් නොදීම හේතුවෙන් ජනාධිපති කාර්යාලයට නොගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

බහුතරය පෙන්වීම සඳහා මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් ප්‍රකාශ සියල්ලද ලබාගෙන ඇති බවත්, දිවුරුම් ප්‍රකාශ මගින් හෝ මන්ත්‍රීවරුන් ජනාධිපතිකාර්යාලයට රැගෙනවිත් හෝ බහුතරය පෙන්වීමට සූදානම් බවත් අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News