නබි තුමන්ගේ ඡන්ම දිනය අදයි

Share

ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ඡන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (20) යෙදී තිබේ.

අවසන් වරට ලොවට පැමිණි නබිවරයා ලෙස මොහම්මද් නබිතුමන් සැලකෙයි.

ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ මුළු ජීවිතය පුරා වහල් ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කළ නබි තුමා, සුරා කෑමට එරෙහි වූ බවයි.

නබි තුමන් සුරැකි ගුණාංග හා මිනිසත්බව වෙනුවෙන් කළ කැප කිරීම්, එකිනෙකා අතර භේදය හා වෛරය පැතිරුණු මෙකල අප සියල්ලන් විසින් පරමාදර්ශයට ගත යුතු බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, ලොව ඉස්ලාමීය රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට සැමදා කොන්දේසි විරහිත සහය ලබාදී ඇති බව ශුද්ධ වූ මොහොමඩ් නබි තුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එලෙස ලබාදුන් අන්තර් ජාතික සහයෝගයට කෘතඥතාවය ප්‍රකාශ කිරීම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.

Read more

Local News