අකිල අද ඕස්ට්‍රේලියාවට

සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද(20) රාතියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඔහු එළැඹෙන 23 දා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී මෙම පරීක්ෂණය සඳහා පෙනී සිටීමට නියමිතය.

එංගලන්තය සමඟ අනිද්දා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භවන තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය සඳහා අකිල ධනංජය වෙනුවට නිශාන් පීරිස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.