කිසිඳු පක්ෂයකට සහාය නොදක්වන බව විග්නේෂ්වරන් කියයි

Share

කිසිඳු හේතුවකට හෝ තම පක්ෂය වෙනත් දේශපාලන පක්ෂයකට සහාය නොදක්වන බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කළේය.

තමන් වෙනම දේශපාලන පක්ෂයක් බිහිකරගත්තේ ජනතා අවශ්‍යතා මත බවත්, එවැනි දේශපාලන පක්ෂයක් වෙනත් පක්ෂයකට එකතු කිරිමට තමන් කිසිසේත් සුදානම් නැතැයි ද විග්නේෂ්වරන් මහතා සදහන් කළේය.

සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බවට ආර්. සම්බන්ධන් මන්ත‍්‍රිවරයා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ පිලිබඳව විග්නේෂ්වරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් දෙමළ ජනතා සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මතුවූ ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමිනුයි ඔහු මේ අදහස් පැවසුවේ.

Read more

Local News