සයිටම් ගැටළුව විසඳීමට රජය යෝජනා රැසක් ඉදිරිපත් කළා – රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල්

Share

සයිටම් ගැටළුවේ දී කඩාකප්පල්කාරී දේශපාලන පක්ෂයක හෝ  දෙකක ගොඳුරු බවට පත් වී සිටින වෛද්‍ය සිසුන් මෙලෙස අධ්‍යාපන කටයුතු වර්ජනය කිරීම පිළිබඳව කණගාටුවට පත් වන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.

සයිටම් අධ්‍යාපන ආයතන 2009 වසරේ රුසියානු උපධිය සඳහා සිසුන් යොමු කරන ආයතනයක් ලෙස ආරම්භ කළා. පසුව මෙම ආයතනය දේශීය සිසුන් ලියාපදිංචිය සඳහා වසර 2011 දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවසර දී ඇත. සිසුන් අටසිය පනහක් පමණ මෙම ආයතනයේ අධ්‍යාපන කටයුතු සඳහා ලියාපදිංචි කර ඇත. පසුගිය රජය කාලයේ ආරම්භ කළ මෙම ආයතනය එම පාලනය කාලයේ දී වසා දැමීමට කිසිදු ඉල්ලීමක් කර නෑ.

වෛද්‍ය සිසුන්ගේ වර්ජන ක්‍රියවලිය තිබිය දී රජය විසින් විසදුම් රාශියක් ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් යෝජනා දැනටමත් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. මාස නවයක් පුරා සිදු කරන සිසු වර්ජනය රජය ගැටළුවක් ලෙස හදුනාගෙන තිබෙනවා. රජය නව වෛද්‍යපීඨ ආරම්භ කිරීම සඳහා සුවිශාල ආයෝජනයක් කර තිබෙනවා. ඉදිරි වර්ෂ තුන තුළද ඉවැනි ක්‍රියාවලියක් සැළසුම් කර ඇත. එවැනි පසුබිමක් තුළ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් මුල් කරගනිමින් කඩාකප්පල්කාරී දේශපාලන පක්ෂයක හෝ දෙකක ගොඳුරු බවට පත් වී සිටින වෛද්‍ය සිසුන් මෙලෙස අධ්‍යාපන කටයුතු වර්ජනය කිරීම පිළිබඳව අපද කණගාටුවට පත්වන්නෙමු.

අධ්‍යාපනයට සැළකිය යුතු මුදලක් වෙන්කර තිබිය දී කඩාකප්පල්කාරී ලෙස සාමාන්‍ය සිසුන් වර්ජනයට පොළඹවන දේශපාලන පක්ෂ හා එම දේශපාලන පක්ෂවල ඉත්තන් වී ඇති  සිසුන් ද මෙයට වගකිව යුතුය.මෙම ගැටළුකාරී තත්ත්වය වර්ධනය කිරීමට රජය කිසිදු ආකාරයකින් දායක නොවූව ද ගැටළුවට සම්බන්ධ සියළු පාර්ශවයන්ට සාධාරණ වන පරිදි ගැටළුව විසඳීමේ වැදගත්කම රජය තේරුම් ගෙන ඇත.ඒ අනුව ගැටළුව විසඳීමට රජය විසින් යෝජනා රැසක් ඉදිරිපත් කරන ලදී. ගැටළුව සඳහා එකම විසඳුම සයිටම් ආයතනය වසා දැමීම පමණක් යැයි කුමන කණ්ඩායමක් දිගින් දිගටම යෝජනා කරන්නේ නම් එය ඒකපාර්ශවීය විසඳුමක් පමණක් වන බව පැහැදිළි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News