ඉන්දිකට පිහිය දික් කළ රන්ජන්ට වැඩ වරදින ලකුණු

Share

මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී තමාට මරණ තර්ජන එල්ල කරම්න් පිහියක් පෙන්වු බවට මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා විසින් සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එ් බව වැලිකඩ පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්  දී අැත.

සිද්ධිය පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ වැලිකඩ පොලීසිය පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තු සභා රැස්වීමක් පැවැත්වූ බවත්, මෙම රැස්වීම අවස්ථාවේදී මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉන්දික අනුරුද්ධ මහතාට පිහියක් පෙන්වමින් ‘ඉස්සරහට ආවොත් මරනවා’ යැයි කියමින් තමාට මරණීය තර්ජන එල්ල කළ බවත්, ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාද ඒ අසල පිහියක් අතැතිව සිටි බවත් පැමිණිල්ලේ සඳහන් බව අධිකරණයට දැනුම් දෙනු ලැබිය.

මෙම සිද්ධිය වූ ස්ථානයේ  සනත් නිශාන්ත සහ දිලුම් අමුණුගම මහත්වරුන් සිටි බවත් පැමිණිල්ලේ සඳහන් වන බවද අධිකරණයට දැනුම් දී තිබේ.

Read more

Local News