අස්වනු පුරෝකතන තොරතුරු පද්ධතියක්

Share

අස්වනු පුරෝකතන තොරතුරු පද්ධතියක් කඩිනමින් සකස් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

මෙරට වගා කෙරෙන එළවළු පළතුරු සහ ධාන්‍ය වර්ගවල වාර්ෂික අස්වනු ප්‍රමාණය නිවැරදිව ලබා ගැනීම මෙහි අරමුණයි.

විවිධ ප්‍රදේශවල ගොවීන්ගෙන් ඉදිරියේදී වෙළඳපොලට පැමිණිය හැකි බෝග අස්වනු පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීමටත් අස්වනු අලෙවි කිරීමේදී අතරමැදියන්ගේ සූරාකෑමට ලක් වීම වැළැක්වීමටත් අස්වනු පුරෝකතන තොරතුරු පද්ධතියෙන් හැකියාව ලැබේ.

දේශීය ගොවියාට අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදීමටද මෙමගින් හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

 

Read more

Local News