කසුන් හා ඇලෝසියස් යළි රිමාන්ඩ්

Share

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් දෙදෙනා ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර අැත.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ලවී ඇති අතර එ් හේතුවෙන් තවදුරටත් රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර අැත.

Read more

Local News