ෆේස්බුක් එකෙන් මුදල් ගැරූ තරුණයෙකු අත්අඩංගුවට

14

ෆේස්බුක් ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙකු මීගමුව කොට්ඨාශ අපරාධ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයින්ට ජංගම දුරකථන ලබා දෙන බව පවසා සැකකරු ෆේස්බුක් ඔස්සේ තම ගිණුමට මුදල් බැර කර ගෙන ඇති බව පොලීසිය සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් මීගමුව – ජාඇල ඇතුළු ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ලද පැමිණිලි වලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මීගමුව – පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකි.