අලුත් ආණ්ඩුවට එරෙහි සත්‍යග්‍රහයට අද දේශපාලඥයිනුත් එක්වෙයි

Share

රටේ පවතින දේශපාලන අර්බුදයට නිසි විසදුමක් ලබා දෙන්නැයි බල කරමින් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ බුද්ධ ප‍්‍රතිමාව ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග‍්‍රහය අද (22) දෙවන දිනටත් ක‍්‍රියාත්මක වේ.

ඒ සඳහා අද දිනයේ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද එක්වීමට නියමිත බව සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය කියා සිටියේය.

‘‘ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයට එරෙහිව’’ යන තේමාව යටතේ මෙම අඛණ්ඩ සත්‍යග‍්‍රහය ක‍්‍රියාත්මක වේ.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් ඊට එක්ව සිටිනවා.

Read more

Local News