ණය ගෙවන්න කිසිම බාධාවක් නෑ – මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය

Share

නීතිමය ප්‍රතිපාදන අනුව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකාබද්ධ අරමුදලෙන් ණය වාරික ගෙවීමේ කිසිදු බාධාවක් නොමැති බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පැවසුවා.

එ් අනුව 2019 වර්ෂය තුළ ගෙවිය යුතු ණය වාරික, ණය ලබාගැනිමේදී එකඟවන ලද කොන්දේසී සපුරාලමින් ගෙවීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දක්වා තිබේ.

ණය ගෙවිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති නොකැළැල් ඉතිහාසය අඛණ්ඩව පවත්වාගෙන යමින් ණය නිසි පරිදි ගෙවන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

එමෙන්ම 2019 වසරේදී කල් පිරෙන අමෙරිකානු ඩොලර් 1500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඇතුළු සියලු ණය ගෙවිම සඳහා ප්‍රමාණවත් මුදල් සංචිතයක් රැස්කර පවත්වාගෙන යාමට අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ඉතා සමීපව කටයුතු කරන බව ද  මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read more

Local News