කඩිනමින් ජාතික මැතිවරණයක් – JVP

Share

පාර්ලිමේන්තුවේ පවතින ව්‍යාකූලත්වය නිවැරදි කරගැනීමෙන් පසුව කඩිනමින් ජාතික මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ප්‍රතිපත්තිමය දේශපාලනයක් ජනතා විමුක්ති පෙරමුණට පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.

එම පක්ෂ  නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (21) මහරගම නගරයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

කවර අයුරකින් කෙළවර වුවද තවදුරටත් මෙම පාර්ලිමේන්තුවේ මුදල් දී හෝ වරදාන දීමක් සිදු කරමින් අටවාගන්නා ලද ආණ්ඩුවකට ආණ්ඩු කිරීමට අයිතියක් නොමැති බව එ් මහතා වැඩ්දුරටත් පැවසීය.

පවතින කුමන්ත්‍රණ පරාජය කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ මීළඟ පියවර වන්නේ යළි ජාතික මැතිවරණය ජනතාව වෙත ගෙන ඒම බවද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read more

Local News