රනිල්ගෙන් මන්ත්‍රීවරුන්ට තහන්චියක්

Share

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධයෙන් නිසි පරිදි කරුණු නොදැන අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සියළුම මන්තී‍්‍රවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

ඉකුත් දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා එය අවධාරණය කර ඇති බව එක්සත් ජාතික පක්‍ෂය නිවේදනය කළේය.

විෂයානුබද්ධ කරුණු පිළිබදව අදහස් දැක්වීමේදී වගකීමකින් සහ දැනුවත්භාවයෙන් යුතුව අදහස් දැක්වීම සිදුකළ යුතු බවද එක්සත් ජාතික පක්‍ෂ නායකයා අවධාරණය කර තිබේ.

Read more

Local News