”සදහම් යාත්‍රා” ජනපති ප්‍රධානත්වයෙන්

Share

අද (22) දිනට ඉල්පුර පසලොස්වක පොහොය යෙදි තිබෙන අතර එ් වෙනුවෙන් ”සදහම් යාත්‍රා” ධර්ම දේශනා පොහෝ දින වැඩසටහන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක පුරාණ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

අද විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මලංකාර හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර තිබේ.

අනතුරුව මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ විසින් පැවැත්වූ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වී අැති අතර මෙම අවස්ථාවසඳහා මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටි බව ජනපති මාධ්‍ය අංශය සදහන් කරයි.

Read more

Local News