රජරට වෛද්‍ය පීඨයේ අර්බුදය ගැන හෙට සාකච්ඡාවක්

Share

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිවරයා සමඟ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පවතින අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (21) දින වෛද්‍ය පීඨයේ පවතින අර්බුදය පිළිබඳව එම සිසුන් සහ දෙමාපියන් එක්ව සංදේශයක් භාරදී තිබු අතර ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව ලබාදී ඇති බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් මහතා පැවසිය.

ඒ අනුව වෛද්‍ය පීඨ සිසුන් සඳහා හෙට (23) පෙරවරු 10.00ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබේ.

Read more

Local News